මරාගෙන මැරෙන ඇඳුම් කොටස් සොයාගනී


(ඉන්දිකා රාමනායක)
අම්පාරේ නින්දවූර් ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමේදී මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සඳහා භාවිතා කරනු ලබන යකඩ බෝල සවිකළ තහඩුවක් සොයාගෙන තිබේ.

පොලිසියට ලැබුණු ඔත්තුවක් අනුව කළ සෝදිසි මෙහෙයුමකදී මෙම යකඩ බෝල සවිකළ තහඩුවට අමතරව මරාගෙන මැරෙන බෝම්බ නිෂ්පාදනය සඳහා යොදාගන්නා ස්විච් රැසක්ද, ලියාපදිංචි නොකළ වාහනයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.