මරණ දඬුවම නියම වූ 18 කගේ වාර්තා ජනපතිට



 
 
ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
 
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධව චෝදනාවන්ට වරදකරුවී මරණ දඬුවම නියමවූ චුදිතයින් 18 දෙනෙකුගේ සියලු වාර්තා ජනාධිපතිවරයාට යවා ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසුවාය.

නිතිපතිවරයාගේ නිර්දේශ සහිතව යැවු වාර්තා සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර ගැන මෙතෙක් දන්වා නැතැයි ද ඇමැතිවරිය කීවාය.

කුරුණෑගල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසුවාය.