(විමුක්ති එස් රුද්‍රිගු)
මෙගා වොට් 50 ක මන්නාරම් සුළං විදුලි බලාගාරය ඉදිකිරිම සඳහා වන කොන්ත්‍රාත්තුව හේලීස් ෆෙන්ටන් සමාගමට පිරිනැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය (PAB) විසින් අධීක්ෂණය කරන ලද පුළුල් සහ විනිවිද පෙනෙන අභියාචන ක්‍රියාවලියකින් පසුව කැබිනට් මණ්ඩලයට මෙම තීරණයට එළැඹ ඇති බව පැවැසෙයි.
ලංසු තැබීමේ ක්‍රියාවලියේදී කොන්ත්‍රාත්කරුවෙකු ව්‍යාපෘති හිමිකරුවෙකුට සපයන මූල්‍ය ඇපකරය සම්බන්ධයෙන් අමතර අන්තර්ගතයන් ඇතුළත්වී තිබීම හේතුවෙන් හේලීස් ෆෙන්ටන් සමාගමේ ලංසුව ව්‍යාපෘති කමිටුව මුල් අවස්ථාවේදී සළකා බැලීමක් සිදු නොකළේය.
හේලීස් ෆෙන්ටන් සමාගම ඉදිරිපත් කළ අභියාචනය පසුගිය අගෝස්තු 6 වැනිදා සළකා බැලීමෙන් අනතුරුව එම සමාගම ව්‍යපෘතිය සඳහා ඉදිරිපත් කළ ලංසුව නැවත සළකා බලන ලෙස ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය, කැබිනට් මණ්ඩලයට නිර්දේශ කර ඇත.
හේලීස් ෆෙන්ටන් සමාගම ඉදිරිපත් කළ අමතර අන්තර්ගතයන්ගෙන් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය ඇපකරය සහතික කිරීම ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය නිර්දේශයට හේතුවී තිබිණි.