මන්නාරම වෙරළට කැස්බෑ සිරුරු හයක්


(රොමේෂ් මධුෂංක)

මන්නාරම වංකාලෙයිපාඩු මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ කැස්බෑවුන් 06 දෙනකුගේ සිරුරු සොයාගත් බව මන්නාරම වනජීවි නිලධාරී කාර්යාලය පවසයි.

වංකාලෙයිපාඩු නාවික හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසකට අදාල කැස්බෑ සිරුරු හමුවීමෙන් පසුව ඒ පිළිබඳව මන්නාරම වනජීවි නිලධාරී කාර්යාලයට දැනුම් දීමෙන් පසුව අදාල ස්ථානයට වනජීවි නිලධාරීහු ගොස් කැස්බෑ සිරුරු රැගෙන යාමට කටයුතු කළහ

උතුරු පළාත් වනජීවි පශු වෛද්‍ය බී.ගිරිධරන් මහතා ඇතුලු වනජීවි නිලධාරීන් පිරිසක්ද අදාල සථානයට ගොස් කැස්බෑ සිරුරු පරික්ෂා කොට අවසන් කටයුතු සිදුකල අතර කැස්බෑවුන් නරක් වී තිබී ඇති අතර මිය යාමට හේතුව නිශ්චිතව අනාවරණය වී නොමැති හෙයින් කැස්බෑ සිරුරු කොටස් සායන පරික්ෂාවකටද යොමු කොට ඇති බවට වනජීවිය කියයි.

මේ අතර ප්‍රදේශ ධීවරයින් පවසා සිටියේ අදාල කැස්බෑවුන් මිය ගොස් ඇත්තේ පසුගියදා ගිනිගත් පර්ල් එක්ස්ප්‍රස් නෞකාවේ බලපෑම නිස බවට තමන් සැක කරන බවටය.