(සුමිත් පොතුපිටිය , හේමන්ත සිල්වා සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සැමියා විසින් බිරිඳගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි වාද්දුව පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇති වාද්දුව වේරගම උපදිංචිව සිටි ඉෂාරා නිශා දිනී සල්ගාදු 29 කාන්තාවකි.ඇය වයස මාස හයක , අවුරුදු තුනක සහ අවුරුදු හයක දරු තිදෙනෙකුගේ මවකි.
ඝාතනය සම්බන්ධයෙන් 37 හැවිරිදි සැමියා ඝාතනයට යොදාගත් මන්නයත් සමග පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අඹු සැමියන් දෙදෙනා අතර නිවස තුළදී ඇති වූ ආරවුලකින් අනතුරුව නිවසේ ඇඳ මත සිටි බිරිඳට සැමියා විසින් මන්නයෙන් පහර දී මෙම ඝාතනය සිදුව ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
(ඡායාරූප: සුමිත් පොතුපිටිය)