මන්නා පහරක් දෙන්න ගිය සැකකරුට පොලිසියෙන් වෙඩි


(ඩී.ජී.සුගතපාල සහ චන්ද්‍රසිරි ගුණසේකර)

ඌරගස්මංහන්දිය ඌරගහ කළුවලගොඩ ප්‍රදේශයේදී සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් නිලධාරීන්ට කැත්තකින් පහරදී පළායාමට උත්සාහ කරද්දී පොලිසිය තැබූ වෙඩිපහරකින් සැකකරු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි වැදිමෙන් තුවල ලබා ඇත්තේ ඌරගස්මන්හන්දිය කලුවලගොඩ පදිංචි  යුද හමුදාවෙන් ඉවත් කළ අයකු බව ද පොලිසිය සඳහන් කරයි.

දෙපිරිසක් අතර ඇතිවු ආරවුලකදී කඩුවකින් පහරදි පුද්ගලයකුට තුවාල සිදු කිරිම සම්න්ධයෙන්  සැකකරු අත් අඩංගුවට ගැනිමට ගිය අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරින්ට මන්නා පිහියකින් පහරදිමට උත්සාහ කර තිබේ.

එවිට වහා ක්‍රියාත්මකවු සැරයන්වරයකු රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ඇති අතර වෙඩි පහර සැකකරුගේ පාදයකට වැදි තුවාල සිදුව ඇත.පසුව සැකකරු ගිලන් රියකින් රෝහලට යවා ඇත.