(නාලක සංජීව දහනායක)
එක්සත් ජාතික පක්‍ෂය විසින් කතානායකවරයාට ලබාදුන් අත්සන් ලේඛනයට මන්ත‍්‍රීවරුන් අත්සන් තබා ඇත්තේ පාර්ලිමේන්තුව කැඳවීමේ යෝජනාවකට සහය පළකරමින් මිස හිටපු අගමැතිවරයාට සහය පළකරමින් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද (2) පැවැසීය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ බලය ස්ථාවරව පවතින්නේ කුමන පාර්ශ්වකටදැයි යන්න හෙට අනිද්දා වනවිට පැහැදිලිව දැක බලාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ද මන්ත‍්‍රීවරයා කීය.
තමන්ගෙන් ගිලිහෙන බලය ආරක්‍ෂාකර ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය නාඩගම් නටන බව කී මන්ත‍්‍රීවරයා ඒ සඳහා කතානායකවරයා හා ජනතා විමුක්ති පෙරමුණද සම්බන්ධ යැයිද පැවසීය.
කොළඹ, මල් පාරේ පිහිටි අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (2) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.