(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)
හදිසි රැස්වීමක් කැඳවා තිබුණද, පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ බොහෝ ආසන හිස්ව පවතිනු අද(11) දක්නට ලැබිණි.
ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් මැතිවරණ කටයුතුවල යෙදී සිටීම නිසා මේ තත්වය ඇතිවුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පවසයි.
මුළු පාර්ලිමේන්තුවේම අද දක්නට ලැබුණේ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ 20දෙනෙකුට අඩු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකි.
මේ හේතුව නිසා සභාවේ ගණ පූර්ණයද එක් අවස්ථාවකදී අහිමි විය.
හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා තිබුණේ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත හා ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනය පනත් කෙටුම්පත අනුමත කරගැනීම සඳහාය.
මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද පෙරවරු 11.30ට ආරම්භ වී පස්වරු 2.30 දක්වා පැවැත්විණි.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළේය.

