(ඩයනා උදයංගනී)
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාද මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අතර ඔහු විෂයයන් තුනෙන් දෙකක් පමණක් සමත්ව තිබේ.
දේශපාලන විද්‍යාව හා සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය යන විෂයයන්ට සාමාන්‍ය සාමාර්ථ ලබාගෙන ඇති මන්ත්‍රීවරයා ක්‍රිස්තියානි ධර්මය විෂය අසමත්ව ඇත.
ඔහු ඉංග්‍රීසි භාෂාව සඳහා විශිෂ්ට සාමාර්ථයක් ද, පොදු පරීක්ෂණය සඳහා ලකුණු 50 ක්ද ලබාගෙන තිබේ.
මන්ත්‍රීවරයා සිය ප්‍රතිඵල සටහන සිය මුහුණු පොතෙහිද පළ කර තිබිණි.


