(ඔගස්ටින් ප්‍රනාන්දු)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පුතෙකු පහරදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට අනුයුක්ත කර සිටි පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව හලාවත පොලිසිය කියයි.
රෝහල් ගත කර ඇත්තේ ඇමති ආරක්ෂක ඒකකයේ පොලිස් කොස්තාපල් සුසන්ත අරුණ කුමාර ( 60990) නමැත්තෙකි.
තුවාලකරු හලාවත පොලිසිය වෙත පැමිණ තමන්ට මන්ත්‍රීවරයාගේ ලොකු පුතා ඊයේ (29) රාත්‍රියේ බීමතින් පොලු පහරක් එල්ල කළ බවට පැමිණිලි කර ඇතැයි පොලිසිය කියයි.
තුවාලකරුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිසියට පැමිණ ඇති මන්ත්‍රීවරයා තම ආරක්ෂාවට ලබා දී සිටි පොලිස් කොස්තාපල්වරයා බීමතින් තමන් හා ආරාවුලක් ඇති කර ගත් බවත් එම අවස්ථාවේ දී තම වැඩිමහල් පුත්‍රයා එම කොස්තාපල්වරයාව තල්ලු කිරීම නිසා ඔහු වැටී තුවාල ලබා ඇති බවත් සඳහන් කර පැමිණිල්ලක් කර ඇති බවත් පොලිසිය කියයි.
හලාවත පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

