මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා ඇතුළු 6 දෙනාට ඇප


අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී රංගා මහතා ඇතුළු 6 දෙනා ඇප මත මුදා හැරීමට වවුනියාව මහේස්ත්‍රාත් අද (18) නියෝග කළේය.

රිය අනතුරක් පිළිබඳව තොරතුරු වසන් කිරිම හා එම රිය අනතුර සිදුකළ සැකකරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක පලා යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මොවුනට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිට නියම කර තිබිණි.