
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත්වීම කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
පොලිස්පතිවරයා දැනටමත් ඒ සම්බන්ධයෙන් යම් යම් පියවර ගෙන ඇති බවට ඔහු දැනුම් දුන්නේ යැයිද අමාත්‍යවරයා පැවසීය.
පක්ෂ පාට බේද නොසලකා සෑම දේශපාලඥයකුටම ආරක්ෂාව සලසන බවත් එතැනදී කිසිදු බෙදීමක් නොකරන බවත් ඔහු සඳහන් කළේය.
වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතනය ගැන කණගාටුවන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය

																	
																	
																	
																	
																	
																	