මන්ත්‍රී ගිනි අවිය සුද්ද කරද්දී පත්තු වී සිවිල් සෙබළා රෝහලට


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල මහතාගේ නිවසේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි ඇමති ආරක්ෂක කොට්ඨාශයට අනියුක්ත ව රාජකාරි කරන පොලිස් පොලිස් සැරයන්වරයකු මන්ත්‍රීවරයාට අයත් පිස්තෝලය  පිරිසිදු කරන අතරතුර එය ක්‍රියාත්මක වීමෙන් සිවිල් ආරක්ෂක සෙබළකු තුවාල ලබා කන්තලේ රෝහලට ඇතුළත් කර ඇතැයි කන්තලේ මූලස්ථාන පොලිසිය පවසයි.

තුවාල ලැබූ සිවිල් ආරක්ෂක බළකායේ සෙබළාගේ වම් අතේ මැණික් කටුව ප්‍රදේශයට හා දකුණු අතේ උරහිසට පහලින් මස් ගොබය ප්‍රදේශයට වෙඩි වැදී තුවාල ලබා ඇතැයිප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.