(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා සංචාරයක් සඳහා පෙරේදා 25 රාත්‍රියේ ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි.
කෝටි හතහමාරක් අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ සහ ජංගම දුරකථන අනු එකක් නීති විරෝධී ලෙස රැගෙන ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී ඉකුත් 23 වැනි දා අත්අඩංගුවට ගෙන ලක්ෂ 75කදඩ ගැසූ ඔහු සිද්ධියට දින කීපයකට පසු මෙසේ විදෙස් ගත වී ඇතැයි ද ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.
ෆලයිඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් ගුවන් යානයකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙරේදා රාත්‍රී අටයි පහට පමණ ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපලේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විසින් රැගෙන ආ රත්තරන් සහ ජංගම දුරකථන තොගයරේගු නිලධාරීන් විසින් රාජසන්තක කරනු ලැබීය.

