මන්ත්‍රිවරුන්ගේ නිවාසවලට පහර දුන් තිදෙනකු දැලේ


(ඉන්දිකා  රාමනායක)

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මිලාන් ජයතිලක, ලසන්ත අලගියවන්න, අරුන්දිත  ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ නිවෙස් හා කාර්යාල වලට පහර ඉකුත් මැයි මස 09 දින පහර දී අලාභ හානි සිදුකිරීම, දේපළ කොල්ල කෑම  සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු  අත්අඩංගුවට ගෙන ඇති බවද  පොලිස් මුලස්ථානය පවසයි.

මොවුන්    කිරිදිවැල,  දංකොටුව යන ප්‍රදේශ වලදී අත්අඩංගුවට ගෙන ඇති බවත්,  බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාය, හා දන්කොටුව  පොලිසිය  විසින් ඊයේ  (27) සවස මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවත්   පොලිස් මුලස්ථානය පවසයි.

මිලාන් ජයතිලක හා ලසන්න අලගියවන්න යන මහත්වරුන්ගේ  කිරිදිවැල, හා    අරුන්දිත ප්‍රනාන්දු මහතාගේ  දන්කොටුව  යන ප්‍රදේශ වල   නිවාස, කාර්යාල  ඇතුලු දේපළ වලට  පහර දීම, අයුතු ජනරාශිය  යන චෝදනා යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

ඉකුත් මැයි මස  09 දින   ගාලුමුදොර හා   අරලියගහ මන්දිරයට ඉදිරිපිට විරෝධතාවේ නිරත  අරගලකරුවන්ට පහර දීමෙන් පසු රටපුරා ඇති වු  ප්‍රචන්ඩක්‍රියා  අතර තුර        පාර්ලිමෙන්තු මැති ඇමැතිවරුන්ගේ   ඇතුලු විශාල පිරිසකගේ  නිවාස , දේපළ වලට  කුපිත වු පිරිසන් විසින් පහර දී විනාශ කර තිබුණි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ඇත.