(කාංචන කුමාර ආරියදාස)
මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පළාතේ සිසු නිපුණතා සාධන බැලීමේ පරීක්ෂණ විභාගය සඳහා 5 ශ්‍රේණිය සිසුන් සඳහා එවා තිබූ ප්‍රශ්න පත්‍රය දැඩි දෝෂ සහිත ගුරුවරු චෝදනා නගති.
සිසුන්ට යොමු කර තිබූ 5 ශ්‍රේණියේ මව්බස ප්‍රශ්න පත්‍රය දැඩි දෝෂ සහිතව සකස් කර තිබූ බවත් ඒවායේ ඇතැම් ප්‍රශ්නයන්හි ප්‍රශ්න නොමැතිව පිළිතුරු පමණක් පැවැති බවත් ඇතැම් ප්‍රශ්නයන්හි පිළිතුරුද සඳහන්ව තිබුණු බව ගුරුවරු චෝදනා කරති.
ප්‍රශ්න පත්‍රයේ ඉදිරි කොටසේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව මහනුවර නමින් සඳහන් කර සිසු නිපුණතා සාධනය මැන බැලීමේ පරීක්ෂණය 2015 නමින් නම් කර තිබෙන බවත් එහෙත් ප්‍රශ්න පත්‍රයේ අවසාන කොටසේ යට තීරුවේ සිසු නිපුණතා මැන බැලීමේ පරීක්ෂණය 2019 මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ලෙස නම් කර ඇතැයිද ගුරුවරු පෙන්වා දෙති.
මුද්‍රණය දෝෂයක් සිදු වූයේ නම් යට කොටසේ 2019 සඳහන් වූයේ කෙසේ දැයි ඔවුහු ප්‍රශ්න කරති.
ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සඳහා කොපමණ මුදලක් වියදම් කර ඇත්ද එසේත් නොමැති නම් මේවා මුද්‍රණය කිරීමට පෙර සොයා බැලුවේ ද යන්න ප්‍රශ්නයක් පැන නගින බව ද ගුරු වෘත්තීය සමිති චෝදනා කරති.
මෙම දෝෂ සහිත ප්‍රශ්න පත්තරය මධ්‍යම පළාතේ පාසල් සඳහා බෙදාහැරීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ගාමිණී රාජරත්න මහතාගෙන් විමසීමේදී කියා සිටියේ තමන් මේ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි.
එසේම ප්‍රශ්න පත්‍රය පිළිබඳව තමා කඩිනමින් සොයා බලන බවත් හැකියාවක් ඇත්නම් මාධ්‍යවේදීන් සතුව පවතින ප්‍රශ්න පත්‍රය තමාට ජංගම දුරකථනයට එවන ලෙස ද ඔහු ඉල්ලීමක් කළේය.
මධ්‍යම පළාත් සභාව මෙම ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සඳහා කොපමණ මුදලක් වියදම් කළේ ද යන්න විමසීමේදී ලේකම්වරයා කියා සිටියේ තමාට ඒ පිළිබඳව නිශ්චිත වශයෙන් ඉලක්ක කීමට නොහැකි බවයි.
ප්‍රශ්න පත්තර මුද්‍රණය සිදු කර ඉ ඇති මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක ඊ . පී .ටී .කේ . ඒකනායක මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ කඩිනමින් තමන් මේ පිළිබඳව සොයා බලන බවයි. ඒ මහතා කියා සිටියේ 2015 ලෙස සටහන්ව ඇත්තේ වැරදීමකින් බවය.
එහෙත් ප්‍රශ්න පත්‍රය අනෙකුත් දෝෂ සහිත ඒවා මුද්‍රණය කිරීමේදී අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාල වලින් සිදුවිය හැකි වරදක් විය හැකියැයි හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් 2015 මුද්‍රණය කර තිබුණත් 2019 යටින් මුද්‍රණය වී තිබීම නිසා ප්‍රශ්නයක් නොමැති බව හෙතෙම සඳහන් කළේය.




