(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හෝටල් කාමරවල රැඳී සිට අඹු සැමියන් ලෙස අනියම් ඇසුරක් පවත්වමින් හෝටල්වල සේවය කරන සේවකයින් හා එම ප්‍රදේශවල ජීවත්වන ප්‍රදේශවාසීන් මුලා කරමින් අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයකට සම්බන්ධව කටයුතු කළ යුවළක් තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි හෝටල් කාමරයකදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය පවසයි.
තලවතුගොඩ පාර, මාදිවෙල, කෝට්ටේ ලිපිනයෙහි පිහිටි කාමර කුලියට දෙනු ලබන හෝටලයක තාවකාලිකව නැවතී සිටින යුවළක් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ව්‍යාපාරයක නියැලෙන බවටලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ද සිය භාරයට ගත් බව පොලිසිය පවසයි.