(ඉන්දිකා රාමනායක)
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මත්ද්‍රව්‍ය නිවාරණ මාසය තුළ දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම් වලින් හොරොයින් කිලෝ 67 යි ග‍්‍රෑම් 500 ක් සමඟ සැකකරුවන් 4322 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි.
මෙම මෙහෙයුම තුළ කොකේන් ග‍්‍රෑම් 44ක් සමඟ සැකකරුවන් තිදෙනකු ද, ගංජා හා කේරළ ගංජා කිලෝ 943 ක් සමඟ සැකකරුවන් 232 ක් ද, මත්පෙති 5681 ක් සමඟ සැකකරුවන් 35 ක් වශයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
මෙම මෙහෙයුම 2019.9.10 වැනි දින සිට 2019.10.10 දින දක්වා දිවයින පුරා කි‍්‍රයාත්මක කර තිබුණි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, විශේෂ කාර්ය බලකාය හා පොලිස් ස්ථාන මගින් මෙම වැටලීම් සිදුකර තිබූ බවද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

