(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මත්තල ගුවන් තොටුපොළේ ගුවන්යානා අලුත්වැඩියා සඳහා ආයෝජකයන් හත් දෙනකු ඉදිරිපත්ව ඇතැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද ( 29) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද පැවසීය.
මෙම ගුවන්තොටුපොළින් පාඩුවක් සිදුවන බව ඇත්ත. ගුවන්තොටුපොළ ලාභ ලබන තත්වයට පත්කර ගැනීමට යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. මත්තල ගුවන් ගුවන්තොටුපොළ කෝටි දෙසීයක පාඩුවක් ලැබුවා . එම පාඩුව කෝටි සියයකට අඩු කරගෙන තිබෙනවා. දැන් වැඩි ගුවන් යානා ප්‍රමාණයක් මත්තලට පැමිණෙනවා

