මත්තල ගුවන් තොටුපළ පාඩුව කෝටි 6600 ක්


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)

මත්තල ගුවන් තොටුපළ ආරම්භයේ සිට (2013සිට) මේ දක්වා කෝටි 6600 ක පාඩුවක් ලබා ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

මේ අනුව වසරකට කෝටි දෙසීයක පාඩුවක් ලබන බවද ඔහු සඳහන් කළේය.