
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පොදු වැසිකිලියට යෑමට පැමිණි පොලිස් කොස්තාපල්වරයකුට නාදුනන පුද්ගලයකු ලබාදුන් අඩක් පානය කරන ලද සිගරට් එකක් පානය කිරීමෙන් පසු එම කොස්තාපල්වරයා මත් වීමකට පත්වීමෙන් අනතුරුව ඔහු ගෙල පැලැඳ සිටි රන් මාලය සහ ජංගම දුරකථනය සොරා ගෙන පලාගොස් ඇතැයි පිටකොටුව පොලීසිය පවසයි.
මෙම දේපළවල වටිනාකම රුපියල් 432,000වන බව පොලිස් කොස්තාපල්වරයා කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අනුරාධපුර, මැදවච්චිය පොලිස් ස්ථානයේ රාජකාරි කරන මිහින්තලේ ප්‍රදේශයේ පදිංචි මෙම පොලිස් කොස්තාපල්වරයා නීතිඥවරයෙකු හමුවීම සඳහා කොළඹට පැමිණ ඇත.
ශාරීරික අවශ්‍යතාවයක් ඉටු කර ගැනීමට එම පොලිස් කොස්තාපල්වරයා බැස්ටියන් මාවතේ පිහිටි පොදු වැසිකිලිය වැසිකිළියට පැමිණි අවස්ථාවේ එම වැසිකිලිය අසල රැඳී සිටි නාඳුනන පුද්ගලයකු ලබා දුන් අඩක් පානය කරන ලද සිගරට් එකක් පානය කිරීමෙන් පසු ඔහුට මත් ගතියක් ඇතිවී ඇතැයි පොලිසිය කියයි.

