මත් ජාවාරමේ යෙදුණු 4ක් මාට්ටු


(බිමල් ශ්‍යාමන් ජයසිංහ  සහ සුමිත් පොතුපිටිය)

විදේශ ගතව සැඟව සිටින මත්ද්‍රව‍ය  ජාවාරම්කරුවන් තිදෙනෙකුට අයත් මත්ද්‍රව්‍ය ,කුලියට  මංගල ඇඳුම්  ලබා දෙන පුද්ගලයකුගේ උපදෙස් මත  විවිධ ස්ථානවල   තබා ජාවාරමේ යෙදෙන පුද්ගලයන් සිව් දෙනකු  රුපියල් ලක්ෂ 10 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

එම සැකකරුවන් සමග හොරෙයින් මත්කුඩු  මිලිගෑම් 33,770 ක් මත්ද්‍රව‍්‍ය  ගනුදෙනුවකදි ලබාගත් යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

රජය මගින් ක්‍රියාත්මක රටම එකට ජාතික මෙහෙයුමට සමගාමීව පානදුර පොලිස් කොට්ඨාසයේ සිදු කරන වැටලීම් අතරතුරදි එහි ස්ථානාධිප ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩඩ්ලිව් ඩි ආර් විශ්වනාත්  මහතාට ලද තොරතුරකට අනුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.