මත් ජාවාරමේ නියැලුණ එකම පවුලේ 3ක් ඇතුළු 7ක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

 ඩුබායි රාජ්‍යයේ තැන තැන සඟවා මත්කුඩු ජාවාරම සිදුකළ පුද්ගලයකු සහ එකම පවුලේ සාමාජිකයන් තිදෙනෙක් ඇතුළු පුද්ගලයන් හත් දෙනකු රුපියල් ලක්ෂ 12  කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග  බණ්ඩාරගම-  වෑවිට නිවසක දි  අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් අඹු සැමි යුවළට   වරෙන්තු 13  ක්  හා තවත් පුද්ගලයෙකුට වරෙන්තු 2  අධිකරණ මගින් නිකුත් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි. 

එම සැකකරුවන් සමඟ  හොරෙයින්  මත්කුඩු ගෑම් 50 ,  මිලිගෑම් 300 ක් හා අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 11 කට ආධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට පත් වූවන් අතරින් අඹුසැමි යුවළක් හා එම යුවළගේ 20 හැවිරිදි  විවාහක දියණියද වන බව පොලිසිය සඳහන් කරයි