මත් ජාවාරමා අන්තවාදයටත් උදව් කරලා-අජිත් රෝහණ


(ඉන්දිකා  රාමනායක)

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී  ඔහු අන්තවාදී සංවිධානයක් වෙත විශාල වශයෙන් මුදල් බැර කර ඇති බවට හෙළි වූ බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.

ඩුබායි රාජ්‍යයේ සිට එවන ලද මුදල් සැකකරු මේ අයුරින් ඉස්ලාම් අන්තවාදී සංවිධාන වෙත ලබාදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මීට දින කිහිපයකට පෙර මෙම සැකකරු පෑලියගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේ දී මේ බව හෙළි කරගෙන ඇත .

මොහු පානදුර ප්‍රදේශයේ පදිංචි (37) හැවිරිදි පුද්ගලයෙකි