මත් ජාවාරම්කරුගේ ඥාතීන්ගේ ප්‍රහාරයකින් සැරයන් රෝහලේ


(ඉන්දිකා රාමනායක)

බොරැල්ල සහස්පුර හල්ගහකුඹුර ප්‍රදේශයේ මත්කඩු ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් නිලධාරීන් සිදුකළ මෙහෙයුමේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ඥාතීන් එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් සැරයන්වරයකු කැපුම් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි.

බොරැල්ල පොලිසියේ 15 දෙනෙකුගේ සමන්විත කණ්ඩායමක් අද (6) පෙරවරුවේ පොලිස් නිළ සුනඛයන් ද යොදාගෙන ප්‍රදේශයේ නිවාස දෙකක් පරීක්ෂා කර ඇති අතර එක් නිවසක සිටි මත්කුඩු ජාවාරම්කරුවෙක් මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පොලිසිය වෙත රැගෙන යාමය සුදානම් වු අවස්ථාවේ ඔහු ගේ ඥාතීන් පිරිස පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් සැකකරු මුදා ගැනීමට කටයුතු කිරීම නිසා මෙම සිද්ධිය සිදු වු බව පොලිසිය පවසයි.

කිසියම් පුද්ගලයකු බ්ලේට් තලයක් වැනි උපකරණයකින් පොලිස් නිලධාරීයාගේ ගෙල තුවාල සිදුකර ඇති බවද පොලිසිය පවසයි.

පිරිසගේ බධා කිරීම මැද පොලිසිය නිලධාරීන් අදාල සැකකරු පොලිස් ස්ථානයට රැගෙන විත් ඇති අතර ඔහු සන්තකයේ හොරොයින් ග්‍රෑම් 6 ට අධික ප්‍රමාණයක් ඇති බවද පොලිසිය කියයි.

මෙම සැකකරුට මහපරිමානයෙන් මත්කුඩු ජාවාරම්කරන්නෙකු බවත්, මත්කුඩු හා මත්පැන් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නඩු රැසක් ඇති බවද පොලිසිය කියයි.