(අංජුල මහික වීරරත්න)
මඩුවන්වෙල නින්ද ගම වත්ත ඉඩමෙන් කොටසක් සීමාසහිත දුම්කොළ සමාගම වෙත වන වගාව සඳහා බදු පදනම මත ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
එකී සමාගම විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති වාර්තාව අගැයීමට ලක්කර ඇති අතර ඒ අනුව මඩුවන්වෙල නින්දගම වත්ත නැමැති ඉඩමෙන් අක්කර 80 රූඩ් 3 පර්චස් 25ක් සීමාසහිත දුම්කොළ සමාගම වෙත වන වගා ව්‍යාපෘතියක් වෙනුවෙන් දිගු කාලීන බදු පදනම මත වසර 30 ක කාලයක් සදහා ලබා දීම පිණිස සංචාරක හා ඉඩම් ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

