(අජන්ත කුමාර අගලකඩ)
නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා විසින් ආරම්භ කරන ලද මඩකළපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (02) පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් අතර එකඟතාවක් පළ නොවූ බව වාර්තා වේ.
එම පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ආංශික කාරක සභාව විසින් සකස් කරන ලද වාර්තාව අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබූ අතර ඒ පිළිබඳව ඇමැතිවරුන් විවිධ අදහස් පළකළ බව රජයේ ආරංචි මාර්ග කියයි.
එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට ගත යුතු යැයි පවසා ඇත.
ලක්ෂ්මන් කිරිඇල්ල, දොස්තර රාජිත සේනාරත්න යන ඇමැතිවරුන් පවසා ඇත්තේ මෙම විශ්වවිද්‍යාලය රජයට ගැනීම මගින් විදේශ ආයෝජන මගින් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවයි. එහිදී අදහස් දක්වා ඇති පාඨලී චම්පික රණවක ඇමැතිවරයා මඩකළපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වහාම රජයට ගතයුතු බව පවසා ඇත.
මඩකළපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය රජයට ගන්නේ නම් එය රාජ්‍ය විශ්ව විද්‍යාලයක් ලෙස පවත්වාගෙන යන්නේද නැතිනම් රජය යටතේ මුදල් අයකරන විශ්ව විද්‍යාලයක් ලෙස පවත්වාගෙන යන්නේද යන්න සම්බන්ධයෙන් ද ඇමැතිවරුන් අතර අදහස් හුවමාරු වී ඇත.
නැවත එම වාර්තාව අධීක්ෂන කමිටුව හමුවට ඉදිරිපත් කිරීමට ද ඇමැති මණ්ඩලය තීරණය කර ඇත.

