(වසන්ත චන්ද්‍රපාල)
පාස්කු ඉරු දින මඩකලපුව සියොන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුගේ සිරුර මඩකලපුව කල්ලියන්කාඩු සුසාන භූමියෙන් ඉවත් කර සුදුසු තැනක මිහිදන් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් මහතා දිසාපතිවරයාට නියෝග කළේය.
මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය මත මෙම බෝම්බකරුගේ සිරුර පසුගිය 26 වෙනි දින මඩකලපුව කල්ලියන්කාඩු හින්දු සුසානභුමියේ වළ දමා තිබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියලේන්ද්‍රන් මහතා ඇතුළු ජනතාව එයට විරෝධතාවයක් පැවැත්වූහ.
ඒ අනුව මඩකලපුව දිසාපති එම්. උදයකුමාර් මහතා විසින් මෝසමක් මගින් අධිකරණයට පවතින තත්වය පිළිබඳව වාර්තා කරනු ලැබීය. ඒ අනුව මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.රිස්වාන් මහතා මෙසේ නියෝග කලේය.
එම දේහය ලබන මස 2 සඳුදාට පෙර නැවත ගොඩ ගෙන රොහල් මෘත ගාරයේ තැපන්පත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා දිසාපතිවරයාට නියෝග කළේය.

