මංගල පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් හමුවෙයි


නිල සංචාරයක් සඳහා එක්සත් රාජධානියට ගොස් සිටින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉකුත් දා (18) ලන්ඩන් නුවරදී පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඞ් මහත්මිය හමුවිය. 

 
 මුදල් අමාත්‍යවරයා සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරිය අතර දෙපාර්ශවයට බලපාන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර සාකච්ඡා සාර්ථකව අවසන් වූ බව ද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. 
 

(055)