(සුජිත් හේවාජුලිගේ )
මංකි ෆොක්ස් රෝගය ශ්‍රී ලංකාවටද ඇතුළු වීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති වේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.
කෙසේ වෙතත් කොරෝනා රෝගය මෙන් නොව මෙම රෝගයේ පැතිරෙන වේගය අඩු බවද හෙතෙම සඳහන් කළේය.
මංකි ෆොක්ස් බාහිර රෝග ලක්ෂණ වලින් පැහැදිලිව හඳුනාගත හැකි බවත් එසේ හඳුනාගත හැකි හෙයින් රෝගීන් ඉතා ඉක්මනින්ම නිරෝධායනයට යොමු කිරීමට හැකියාව පවතින බවත් මහාචාර්යවරයා කීවේය.
මෙම රෝගීන් හඳුනාගැනීමේ රසායනාගාර පහසුකම් තම විශ්වවිද්‍යාලයේ ප්‍රමාණවත් පරිදි පවතින බවද හෙතෙම සඳහන් කළේය.