(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මීගමුව ප්‍රදේශයේ හෝටලයක රථ ගාලක නතරකර ගිය යතුරු පැදියක කැබින් එක කිසියම් පුද්ගලයකු කඩා ඒ තුළ තිබූ රුපියල් නම ලක්ෂ හැත්තෑ එක්දාස් පන්සීයක මුදලක්සොරාගෙන ගොස් ඇතැයි මීගමුව මූලස්ථාන පොලීසිය පවසයි.
මෙම මුදල උකස් කර තිබූ රන් භාණ්ඩ බේරා ගැනීමට රැගෙන විත් තිබූ බව පැමිණිලිකාරිය පවසන්නේ යැයි පොලිසිය සඳහන් කරයි.
එම මුදල්වල අයිතිකාරිය භෞතික චිකිත්සකවරියක ලෙස සේවය කරන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි හතළිස් තුන් හැවිරිදි කාන්තාවකි.
මෙම භෞතික චිකිත්සකවරිය මීගමුව ප්‍රදේශයේ හෝටලයක පැවැති වැඩමුළුවකට සහභාගි වීම සඳහා පැමිණ යතුරු පැදිය එම හෝටලයේ රථගාල නතර කර එම වැඩමුළුවට සහභාගි වීම සඳහා ගොස් ඇතැයි පොලිසිය කීය.
වැඩමුළුව අවසන් වී පැමිණ බලන විට යතුරු පැදියේ කැබින් එක කිසියම් පුද්ගලයෙකු විසින් කඩා ඒ තුළ තිබූ මෙම මුදල් සොරාගෙන ගොස් ඇතැයි ඇය කළ පැමිණිල්ලේ සඳහන් වන බව කියති.

