
(අංජුල මහික වීරරත්න)
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක කොල්ලය හෙවත් ඩොලර් 2,509,430 ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීම සඟවා ඉතිහාසයෙන් මකා දැමීමට මුදල් අමාත්‍යාංශය ලැජ්ජා සහගත උත්සාහයක නිරතව ඇතැයි ෆී ලෝයර්ස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව වෙත ලබාදිය යුතු වාර්තා එහි සමාජිකයින්ගෙන් සැඟවීමට කටයුතු කර ඇතැයි ද භාණ්ඩාගාර කොල්ලය පිලිබඳ වාර්තාව ‘Bed time reading’ (නින්දට යන වේලාවේ කියවීම) සඟරාවක් නොව ජනරජයේ ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තුවට පවරා ඇති රාජ්‍ය මුල්‍ය පිළිබඳ වගකීමක් යැයිද එම සංවිධානය කියයි. එබැවින් එය වහා පාර්ලිමේන්තුව වෙත ලබාදිය යුතු යැයි ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි රජිත් කීර්ති තෙන්නකෝන් අවධාරණය කරයි.
ලංකා ඉතිහාසයේ මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම කොල්ලය වන ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ (FINAL BUDGET POSITION REPORT – ANNUAL REPORT 2025) කිසිදු සදහනක් නොවේ. මුදල් අමාත්‍යාංශයට අදාලව 2025 වසරේ සිදු වූ වඩාත් අවධානය යොමු වූ සිද්ධිය පිළිබඳ අවම වශයෙන් පාද සටහනක් (ෆුට් නෝට්) හෝ මුදල් අමාත්‍යාංශය සිය වාර්ෂික වාර්තාවට ඇතුලත් කර නැත.
මුදල් අමාත්‍යාංශයට, මහ බැංකුවට පමණක් නොව රටේ මුල්‍ය පද්ධතිය පිළිබඳ විශ්වාසය සම්පූර්ණයෙන්ම විනාශ කළ භාණ්ඩාගාර මංකොල්ලය සැඟවීමට මඟහැරීමට මුදල් අමාත්‍යාංශ්‍ය බහුවිධ ක්‍රියාමාර්ග ගනිමින් ඇත යනුවෙන්ද ෆ්‍රී ලෝයර්ස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

