
(රෝෂන් තුෂාර)
මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධර්මරතන හිමියන්ට,ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයට හා බෞද්ධාගමට අපහාසයක් වන පරිදි මුහුණු පොත ඔස්සේ හා youtube ඔස්සේ අන්තර්ජාලයට ප්‍රකාශ නිකුත් කළ අජිත් එදිරිසිංහ සැකකරු ලබන තිස් එක දක්වා බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය මගින් සැකකරුව අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
මහජනයා හා බෞද්ධයන් අතර කැළඹීමක් හෝ ගැටුමක් ඇතිවිය හැකි ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව සැකකරු ඊයේ25 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
විහාරාධිපති හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශනය කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)

