බෝනොවන රෝග පිළිබද ජාතික සභාව රැස් වේ


(අංජුල මහික වීරරත්න)

 බෝ නොවන රෝග පිළිබද ජාතික සභාව (NCD Council)  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී  රැස්විය.

බෝ නොවන රෝග පිළිබද ජාතික සභාව (NCD Council) සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රධාන කොට අනෙකුත් අදාල සියලු අමාත්‍යාංශ එක්ව මෙරට බෝ නොවන රෝග පාලනය සහ නිවාරණය කිරීම සදහා ඉදිරි සැලසුම් සකස් කිරීම සහ තින්දු,තීරණ ගන්නා  විද්වතුන්ගෙන් සැදුම්ලත් ප්‍රධාන විද්වත් සමුළුවක් වේ.

පිළිකා රෝග පාලනය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්වත් කණ්ඩායමක් විසින් සිදුකරන ලද විශේෂ ඇගයීමක් ඇසුරින් සම්පාදනය කරන ලද විශේෂ වාර්තාව ද මෙහි දී අමාත්‍යවරයා වෙත බාරදෙනු ලැබීය.

මෙම ජාතික සභාවේ  සභාපතිත්වය වත්මන් සෞඛ්‍ය හා ජනනමාධ්‍ය අමාත්‍යවරයා විසින් දරණු ලබන අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, අතිරේක ලේකම්වරු,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු, විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, අනෙකුත් අමාත්‍යාංශ,දෙපාර්තුමේන්තු සහ ආයතනවල නම්කළ නිලධාරීහු මෙහි සාමාජිකත්වය දරති.