(සිතුම් චතුරංග)
යාපනය,මාදගල් වෙරළට ආසන්න මුහුදේ ධීවර බෝට්ටුවක් පෙරළීමෙන් සිදුවු අනතුරකින් අද (11) ධීවරයෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි යාපනය ඉලවාලෙයි පොලිසිය පවසයි.
එලෙස අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය , මාදගල්, කුසුමාන්තුරෙයි ප්‍රදේශයේ පදිංචි එඩ්වඩ් මරියසීලන් නමැති 31 හැවිරිදි ධීවරයෙකු බව පොලිසිය සඳහන් කරති.
බෝට්ටුව පෙරළීමෙන් පසු මියගිය පුද්ගලයාගේ සිරුර මුහුදේ පාවෙමින් තිබියදී තවත් ධීවරයින් පිරිසක් වෙත හමුවී ඇති අතර පසුව ඔවුන් අනතුරටපත් ධීවර බෝට්ටුවද රැගෙන ගොඩබිමට පැමිණ ඇති බවද පොලිසිය පැවසූහ.
ධීවරයින් පවසා සිටියේ මියගිය ධීවරයාගේ බෝට්ටුව වෙනත් විශාල යාත්‍රාවක ගැටීමෙන් බෝට්ටුව පෙරළි අනතුර සිදුවන්නට ඇති බවට සැකපලකරන බවයි.
සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව, පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා සිරුර යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙනයාමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් ඉලවාලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.