
(රවින්ද්‍ර ලියනගේ)
ධිවර රැකියාවට මුහුදු ගිය බෝට්ටුවක් පෙරළී යාමෙන් එහි සිටි ධීවරයන් දෙදෙනකු අතුරුදහන්වී ඇතැයි හලාවත මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ අතුරුදහන්වී ඇත්තේ හලාවත කුරුස පාඩුව පදිංචිව සිටි වර්ණකුලසූරිය රොෂාන් ප්‍රනාන්දු හා සුජිත් කුමාර යන ධිවරයින් දෙදෙනාය.
ධීවරයන් දෙදෙනා මසුන් ඇල්ලිමට හලාවත කුරුස පාඩුව තොටුපලෙන් මුහුදට පිටත්ව ගොස් ඇත්තේ 19 වැනි දා අලුයම් කාලයේදි බව අතුරුදහන් වි සිටින දෙදෙනාගේ ඥාතිහු කියති.
ඔවුන් මුහුදට ගිය බෝට්ටුව ගැඹුරු මුහුදේ පාවෙමින් තිබෙන බව ධීවරයන් පිරිසක් දැක ඇතත් එහි ගමන් කළ දෙදෙනාගේ කිසිදු තොරතුරක් හමුවි නැති බවද පැවසේ.
මසුන් මැරීම සදහා මුහුදට ගොස් සිටි සෙසු ධීවරයන් අතරුදහන්වී ඇති දෙදෙනා සොයා ඇතත් 19 වැනිදා සවස් වන තුරු හමුවී නොමැති බව හලාවත වැල්ල ධීවර සමිතියේ සාමාජිකයෙක් පැවසිය.

