බෝගම්බර රැඳවියෝ 104කට කොරෝනා


(ෂේන් සෙනෙවිරත්න)

බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවියන්  104  දෙනකුට කොරෝනා වයිසරය ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයි  බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි .

රැඳවියන් 211 දෙනකුට අතුරින් ආසාදිත රැඳවියන් 104 හඳුනාගෙන ඇත.

එම බන්ධනාගාරය තුළ මේ වන විට රැඳවියන් 536 දෙනකු රඳවා සිටින අතර ඔවුන් ද කඩිනමින් පි .සි ආර් .පරීක්ෂණ සිදුකිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර ප්‍රකාශකයෙක් පවසයි .

කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රැඳවියන් පිරිස  යාපනය බන්ධනාගාරය වෙත මාරු කර යැවූ බව ද එම ප්‍රකාශකයා කියයි .