බොරු පැමිණිල්ලක් කර අමාරුවේ වැටෙයි


(ඉන්දිකා රාමනායක)

පැහැරගෙන ගොස් රඳවා තබාගෙන පහර දී දෑත පුළුස්සා දැමූ බව කියමින් මාධ්‍යවේදීයකු ඉදිරිපත්කර තිබූ පැමිණිල්ල අසත්‍ය පැමිණිල්ලක් බවට කොළඹ අපරාධ කොට්ඨාසය කළ පරීක්සණයකදී අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම මාධ්‍යවේදියා කුරුණෑගල දඹදෙණිය සිය නිවසේදී ඔහු විසින්ම දෑත් පුළුස්සාගෙන මෙම ව්‍යාජ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවටද පොලීසිය තොරතුරු හෙළිකරගෙන ඇත.

ඔහුගේ මෙම ප්‍රකාශයෙන් රටේ ආන්දෝලනයක් ඇතිව තිබූ අතර ඔහු මෙවැනි ව්‍යාජ පැමිණිල්ලක් සිදු කළේ ඇයිද යන්න සෙවීමට පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරයි.

මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.