බොරු එස්.අයිට වැඩ වරදි


(ඉන්දිකා රාමනායක)

උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන්ම පෙනී සිටිමින්, එම නිල ඇඳුමෙන් සැරසී  සිටි පුද්ගලයකු පන්නිපිටිය පොල්වත්ත ප්‍රදේශයේදී  අත් අඩංගුවට ගත් බව  බස්නාහිර දකුණ බස්නාහිර-දකුණ අපරාධ කොට්ඨාශය කියයි.

මොහු මුහුණු පොත ඇතුළු වූ සමාජ ජාලාවල මෙම නිල ඇඳුම ඇඳ උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් පෙනී සිට ඇති බව පොලිස් ය පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු රක්වාන ප්‍රදේශයේ පදිංචි පදිංචිකරුවෙකි.