බොරැල්ලේදී වෙඩික්කරුවන්ගේ එල්ලය වරදි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බොරැල්ල ලෙස්ලි රණගල මාවතේදී අද රාත්‍රීයේ පුද්ගලයකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කළද  එම පුද්ගලයාට කිසිදු තුවාලයක් සිදුවී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදේ කුමාර වුට්ලර් මහතා පැවසීය.

යතුරු පැදියකින් පැමිනි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.

පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවත් සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.