(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ, ගෝනපොල ආදී ප්‍රදේශවල පාසල් සිසුන්ට සහ අමතර පංති සිසුන්ට ගංජා මිශ්‍ර මත් ගුලි අලෙවි කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි
වෙළෙඳ සල තුළ සඟවා තිබූ ගුලි 1350 ක් පොලිසිය බාරයට ගෙන ඇත.
ගෝනපොල හන්දියේ සිංහල බෙහෙත් බඩු වර්ග අලෙවි කරන වෙළෙඳ සලක රුපියල් 200 බැගින් මිලකට මත් ගුලි පාසල් සිසුන්ට සහ අමතර පන්ති යන්න සිසුන්ට අලෙවි කිරීමේ ජාවාරමක් සිදුකරන බවට පානදුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතා ගේ යටතේ පවතින කොට්ඨාස බුද්ධි ඒකකයේ පොලිස් සැරයන් 9264 රෝහණ මහතාට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී කාලයක සිට මෙම කර ඇති බවට අනාවරණය කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

