බෙහෙත් පෙත්ත සිසුවියට මරු කැඳවයි


(එම්.සුසිල් ප්‍රියන්ත)

බලපිටිය මරදාන ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවක් අද (10) උදෑසන බෙහෙත් පෙති දෙකක් උගුරේ හිරවී මරු මුවට පත්වී ඇති බව අහුන්ගල්ල පොලීසිය කියයි.

 මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බලපිටිය රේවත විදයාලයේ  ඉගෙනුම ලබන වලිමුනි දිනුජි මොවිස්මා මෙන්ඩිස්(13)  නමැති ශිෂයාව බව ද පොලීසිය කියයි.

 හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් මත නිවසේ තිබූ බෙහෙත් පෙති දෙකක් මේ දැරිය අරගෙන ඇති බවත් එය පාවිච්චි කිරීමෙන් පසු මේ සිසුවිය මිය ගොස් ඇති බව ඥාතීන් පවසන බවත් පොලීසිය කියයි.

 මිය ගිය දැරියගේ මරණ පරීක්ෂණය අද(10)  බලපිටිය මූලික රෝහලේදී රෝහල් මරණ පරීක්ෂිකා කේ ගවගාඅරච්චි මහත්මිය විසින් පැවැත්වීමට නියමිතව තිබිණ.

 අහුන්ගල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.