(මතුගම බන්දු තඹවිට)
බැකෝ උපකරණ යොදාගෙන අනවසරයෙන් බෙන්තර ගඟේ වැලි ගොඩදැමීමේ ස්ථානයක් වටලා බෝට්ටු දෙකක්,බැකෝ උපකරණ කට්ටල තුනක්,වැලි පටවමින් සිටි ටිපර් රථයක් ඇතුළු උපකරණ සමග එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව ඉත්තැපාන පොලීසිය කියයි.
ඉත්තපාන පොලිස් වසමේ අවිත්තාව යගිරල ප්‍රදේශයේ බෙන්තර ගඟේ අනවසරයෙන් වැලි ගොඩදැමීම සිදුකරන බවට ලැබුණ තොරතුරක් අනුව මෙම වැටලිම සිදු කර තිබේ.
මෙහිදී ගැඹුරු දියේ වැලි ගොඩදැමීම සඳහා යොදාගන්නා බැකෝ නමැති උපකරණ යොදාගෙන වැලි ගොඩ දැමීම සිදුකර ඇති අතර එසේ වැලි ගොඩ දැමීම සඳහා යොදාගත් බැකෝ උපකරණ 03 ක් ,බෝට්ටු 02 ක් ,සහ එසේ අනවසරයෙන් ගොඩ දැමු වැලි පටවමින් සිටි ටිපර් රථයක් ද සමග එක් සැකකරුවෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය එම ස්ථානයට ළඟාවන විට එහි සිටි අනෙකුත් පුද්ගලයන් පලා යන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.
අත් අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.