
(ජයන්ත සමරකෝන්)
මීගමුව බන්ධනාගාරයේ සිදු වී ඇතැයි කියන දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් බූස්ස බන්ධනාගාරයේ රිමාන්ඩ් බාරයේ පසුවන ජේලර් ප්‍රසාද් කාලිංග කළුඅග්ගල මහතාගේ සේවය අත්හිටුවා ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි.
මොහු සමඟ මීගමුව සහකාර බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ, එහි ප්‍රධාන ජේලර් උපාලිසරත් බණ්ඩාර, වැඩබලන ප්‍රධාන ජේලර් නිශාන්ත සේනාරත්න හා ජේලර් ප්‍රසාද් කාලිංග කළුඅග්ගල යන කණ්ඩායම අත්අඩංගුවට ගන්නා ලෙසට මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා වරෙන්තු නිකුත් කර තිබුණේ ඉකුත් 22 දාය.
පසුව ප්‍රසාද් කාලිංග කළුඅග්ගල නමැති ජේලර්වරයා ඉකුත් 24 වැනිදා රහස් පොලිසිය වෙත බාරවූ අතර එහිදී රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීමෙන් පසු, බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ රැඳවියන් සඳහා වූ තනි සිරකුටියක රඳවනු ලැබ සිටී.
ඉතිරි නිලධාරීන් තිදෙනා මේ දක්වා අත්අඩංගුවට ගැනීමට හැකි වී නැත

