බූරුවා ගැසු 39 ක් අත්ඩංගුවට


  (  ක.ග කරුණාරත්න)


අරලගංවිල, පිඹුරත්තෑව  ප්‍රදේශයේදී පිහිටි පෞද්ගලික ඉඩමක පවත්වාගෙන ගිය බූරුපොලක් වටලා මුදල් ඔට්ටුවට බූරුවා ගසමින් සිටි පුද්ගලයෝ 39 දෙනෙකු අද (26) සැකපිට අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි.


සැකකරුවන් අරලගංවිල සහ ඒ අවට මෙන්ම කොළඹ, මීගමුව ඇතුළු පිට පලාත් වල අයද බව අනාවරණය වී ඇත.


මොවුහු පැමිණි බව කියන සුඛෝපභෝගී මෝටර් රථයක් ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.


පොලිසියට ලැබුණු තොරතුරක් මත මේ බූරු පොළ වටලන අවස්ථාවේ එහි සිටි තවත් පිරිසක්ද පැනගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය.