බුලත්සිංහල දරුවෝ ඔන්ලයින් දුක කියති


 

(බුලත්සිංහල ලක්මිකුඩලිගම)

බුලත්සිංහල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨසයේ පරගොඩ ගම් දෙකක දරුවන්ට ඔන්ලයින් හරහා අකුරු කරන්නට සංඥා නොමැතිකමින් දැඩි පීඩාවට ලක්ව ඇතැයි ඔවුන්ගේ මවුපියෝ කියති.

ඔවුහු අවු වැසි නොතකා දුෂ්කරතා රැසක් මැද ඔන්ලයින් හරහා අධ්‍යාපනය කරන්නට සිය මව්පියන් සමග පරගොඩ මොරවක කන්ද තරණය කරති.

කොරෝනා වසංගතය නිසා පාසල් වසා දැමුනද මෙම දරුවන්ට මාර්ග ගත ක‍්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලබා දෙනවා. එහෙත් ප‍්‍රදෙස් රැසක දරුවන්ට එලෙස මාර්ගගත ක‍්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලැබීමේදී විවිධ දුෂ්කරතා මතුවූ අතර අන්තර් ජාල පහසුකම් සඳහා අවශ්‍ය දුරකථන සංඥා නොමැති කම ඊට ප‍්‍රධාන ගැටළුව වී තිබේ.

බුලත්සිංහල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨසයේ පරගොඩ නැගෙනහිර සහ පරගොඩ බටහිර යන ග‍්‍රාම නිලධාරි වසම් තුළ සිටින හොරණ අධ්‍යාපන කළාපයේ පාසල් රැසක 300ක් පමණ දරුවෝ මේ අයුරින් දුක්ගැහැට විඳිති.