බුද්ධි කොස්තාපල්ට පහරදුන් 4ක් අල්ලයි


(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන්)

රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මහහීනටියන්ගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35 ත් 39 ත් අතර  පසුවන්නන් බව පොලිසිය කියයි.

රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයාට ඉකුත් දා කළුතර දකුණ වෙට්ටු මංකඩ හන්දිය ප්‍රදේශයේදී නාඳුනන පුද්ගලයන් පිරිසක් විසින් පහර දී තිබුණි. එම පහර කෑමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබුණි.