බීමතින් රියැදුරු අසුනේ වාඩි වූ රගර් පුහුණුකරුට ඇප


(ගයාන් සූරියආරච්චි)

බීමතින් රිය පැදවූ බව කියන ප්‍රධාන පෙළේ රගර් පුහුණුකරුවකු කොහුවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි බව කොහුවල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ සාදයකට සහභාගිවී කොහුවල ප්‍රදේශයේ සිය නිවෙස බලා ජිප් රථයෙන් ගමන් කිරීමේදී කොහුවල ප්‍රදේශයේදී කොහුවල පොලිසියේ රථවාහන අංශය මගින් ජීප් රථය නවතා රියැදුරු බලපත්‍රය සහ ආදායම් බලපත්‍ර පරීක්ෂා කිරීමේදී සැකකරු බීමතින් සිට ඇතැයි පොලිසිය පවසයි.

සැකකරු බීමතින් සිටින්නේදැයි සොයාබැලීම සදහා ඇල්කොලයිසර් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව ඔහු බීමතින් සිටි බව තහවුරු වූ පසුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පසුව සැකකරු ‍‍පොලිස් ඇපයක් මත මුදා හැර ඇතැයි පොලිසිය පවසයි.