බිමල්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහා සංඝරත්නයේ සහ ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය හේතුවෙන් කැස්බෑව ප්‍රදේශයේ රට බීමහල් දෙක විවෘත කිරීම තාවකාලිකව නවතා දැමූ බව කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කේ. පි. ප්‍රේමදාස මහතා පවසයි.

කැස්බෑව හොරණ පාරේ සුපිරි වෙළඳසැලකට හා බොරලැස්ගමුව වේරහැර පිළියන්දල පාරේ සුපිරි වෙළඳසැලක ලබාදීමට සූදානම්ව තිබූ සුරාබදු බලපත්‍ර මෙසේ අවලංගු කර ඇත.

කැස්බෑව සාසනාරක්ෂක සාසනාරක්ෂක බලමණ්ඩලයේ මහා සංඝයා වහන්සේ සහ මහජනයා අද කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් නව රටබීම හල් වලට විරෝධය ප්‍රකාශ කළහ.

අලුතින් දී තිබූ බලපත්‍ර දෙක සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ උපදෙස් ලබා ගන්නා තුරු ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නවත්වන ලෙස ආයතන කළමනාකරුවන්ට ලිඛිතව දැනුම් දුන් බව ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය