බිත්තර ලක්‍ෂ 20ක් සෙනසුරාදා එයි


 

(යොහාන් භාසුර)

දේශීය වෙළෙඳපොල තුළ බිත්තර මිල දරාගත නොහැකි ලෙස ඉහළ යෑමට පිළියමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර ලක්‍ෂ 20 ක් රැගත් නෞකාව ලබන සෙනසුරාදා රාත්‍රී ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම බිත්තර තොගය මේ වන විට නැව්ගත කර ඇති බවත් එම නෞකාව අද දිනයේ ඉන්දියාවෙන් පිටත් වීමට නියමිත යැයි දැනුම්දී ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.